
ප්රජා මූලික ආබාධිත පුනරුත්ථාපනය ගැන දැනුවත් කිරීමක්...
සමාජසේවා හා සමාජ සුභසාධන අමාත්යාංශය මගින් සිදු කරනු ලබන ප්රජා මූලික ආබාධිත පුනරුත්ථාපන වැඩ සටහන (CBR) පිළිබඳව රාජ්ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක් 2009.07.09 දින, හම්බන්තොට දිස්ත්රික් ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පවත්වනු ලැබිණි.
සමාජසේවා හා සමාජ සුභසාධන අමාත්යාංශයේ ජාතික සම්පත්දායක එස්. කොඩිකාර මහතා විසින් "ප්රජා මූලික පුනරුත්ථාපනය තුළින් ජාතික සංවර්ධනයට ආබාධිතතාවය අන්තර්කරණය" පිළිබඳව රාජ්ය නිළධාරීන් දැනුවත් කරන ලදි.ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ පූර්ණ සහභාගීත්වය මත ප්රජා මූලික පුනරුත්ථාපනය ගොඩ නැගීම නැගීම සහ තීරණ ගැනීමේදී ඔවුන්ගේ නියෝජනය ලබා ගන්නා ආකාරය මෙම වැඩ සටහන තුලින් පැහැදිලි කරන ලදි.
මෙම වැඩ සටහන සඳහා ක්රියාකාරීව දායක වන හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්රාදේශීය ලේකම්වරුන්, සෞඛ්ය වෛද්ය අධිකාරීවරුන් සහ අධ්යාපන නිළධාරීන් මෙහිදී දැනුවත් කරනු ලැබීය.
No comments:
Post a Comment