

ක්රිකට් තරඟාවලියක්.....
හදිසියේ අප අතරින් වියෝ වූ වලස්මුල්ල හිටපු ප්රාදේශීය ලේකම් ඩබ් . ජේ. ආනන්ද මහතා අනුස්මරණ කුසලාන ක්රිකට් තරඟාවලියක්, වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිළධාරීන් අතර පසුගියදා පවත්වන ලදි.
කාර්යාලයීය නිළධාරීන් එක් කණ්ඩායමක් ලෙසත්, කාර්යාලයට අනුබද්ධිත ග්රාම නිළධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගෙන් සැදුම්ලත් වලස්මුල්ල,වරාපිටිය,හොරේවෙල සහ කැප්පෙටියාව කණ්ඩායම් සහ ග්රාම නිළධාරී ඒකාබද්ධ කණ්ඩායම් අතර පැවති ක්රිකට් තරඝාවලියේ ශූරතාවය කාර්යාල නිළධාරී කණ්ඩායමටද අනු ශූරතාවය ග්රාම නිළධාරී ඒකාබද්ධ කණ්ඩායමටද හිමි විය.
ජයග්රාහී කණ්ඩායමට ඩබ්.ජේ. ආනන්ද අනුස්මණ කුසලානය ප්රදානය කරන ලදි.
No comments:
Post a Comment